කළු ගඟ අසබඩ ගිමන්හලක් වූ දීපාලෝකය.......
කළු ගං කොමළිය සුපුරුදු පරිද්දෙන් නිහඬවම ගලා බසී. ප්රාද්ශවාසීන්ගේ දුක, සතුට මිශ්‍ර වූ සියලු සංසිද්ධි මේ ගංඟා තොමෝ නිබඳවම දකින්නීය. ප්‍රදේශවාසීන්ද නදියේ පළලද ගැඹුරද ඇතුළු බොහෝ දෑ සක්සුදක් සේ හඳුනති. මේ සුසංයෝගය පවතින්නේ උපන් දා සිට මරණය දක්වාමය. ගම්මු නිතර දෙවේලේ ස්නානයට රෙදි සේදීමට අමතරව බොහෝමයක් කර්තව්‍යයන් සිදු කරන්නේ කළු ගංඟාව ආශ්රිත කෙටගෙනය. ඒ අතර ගමනාගමන කටයුතු උදෙසා මේ නදිය භාවිතා වූයේ ඈත ඉතිහාසයේ පටන්ය. වර්ෂ 1870 දී පමණ කළුතර දිස්ත්‍රික්කයේ පලාතොට නම් ප්‍රදේශයේ විහාරාධිපතිව කටයුතු කළ නිරිඇල්ලේ විමලසාර හිමියන් රත්නපුර දක්වා ගමන් කළේ කළු ගඟ ඔස්සේය. රත්නපුර සිට කළුතර දක්වා වන ගමන්මගේ කළු ගං තොටේදී ගමන් විඩාව සංඳුසිවා ගැනීමට මදක් නැවතීම සිදු කොට ඇත. මෙහි පදිංචිව සිටි ගම්වැසියන්ට උන්වහන්සේගේ ගොඩබැසීම මහත් ප්‍රීතියට කරුණක් වී ඇත. ගම්මු උන්වහන්සේට දාන මාන පිරිනැමූහ. දන් වළදා ප්‍රීති ප්රමෝදයට පත් උන්වහන්සේ දන් පිළිගැන්වූවන්ට පින් අනුමෝදනා හා අනුශාසනා කිරීමට අමතක නොකළහ. උන්වහන්සේ හා ගම්වැසියන් අතර මිතුදම ඇරැඹියේ ඒ අයුරිනි. නැවත උන්වහන්සේ ගොඩබසින දිනය අසා දැනගත් ගම්මු උන්වහන්සේට දන් වැළදීමට කුඩා ගිමන්හලක් තැනූහ. පසුකාලීනව එය ක්‍රමයෙන් ආවාසගෙයක් විය. අනතුරුව අදද දක්නට ඇති පුරාණ විහාර මන්දිරය සහ බෝධීන් වහන්සේ රෝපනය මේ අවධියේ සිදු විය. එය ක්‍රි. ව. 1875න් පසුව සිදු වී ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවද අප පරපුරේ නාහිමිපාණන් වහන්සේට මෙහි ස්ථිරව රැදී සිටීමට අවවකාශ නොවූයෙන් කල්යත්ම ගම්මු එකතුව තම ගම්මානයේ ස්ථිරව වැඩ විසීමට භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන දෙස කළුතර පලාතොට ප්‍රදේශයට ගොස් උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් 1896 ඔක්තොම්බර් මස 17 දා වගවත්තේ සුමනජෝති හිමියන්ගේ වැඩමවීම සිදුවිය. මේ ආකාරයට කළුතර රත්නපුර ප්‍රදේශයේ ආගමික ස්ථාන රැසකම පුනර්ජීවණය ආරම්භ විය. ඉංගිරිය පන්සලට අනුබද්ධිතව පන්සල් 12ක් ගොඩ නැඟිණි. ඉංගිරිය ආවාසය වශයෙන් මෙම පිංබිම හැඳින්වීම සිදු විය. ගල්ගොඩ ශ්‍රී මහා විහාරපාර්ශවයට අයත් විහාරස්ථානයක් වන දීපාලෝක විහාරය මූලස්ථානයක් බවට පත්ව සංඝ පරම්පරාවක් බිහිවිය.
වර්ෂ 1901 දී සාමාජීය හා අධ්‍යාපනික පුනර්ජීවණය ආරම්භ විය. එහිදී පංසල මූලික කොටගත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් බිහිවිය. ධර්මශාලාවේ පැවිදි ශිෂ්‍යයෝද වෙනත් ගොඩනැගිල්ලක ගිහි ශිෂ්‍යයෝද අකුරු කිරීම සිදුවිය. ඉංගිරියේ ශ්‍රී සුමනජෝති බෞද්ධ මිශ්රපාඨශාලාව ඇරැඹුයේ ඒ අයුරිනි. එහි පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය හා සිංහල භාෂාව උගන්වන ලදී. අවට ප්‍රදේශයේ බොහෝ දුවා දරුවෝ අධ්‍යාපනයට නැඹුරු වීමත් දැන උගත් පරපුරක් බිහි වීමත් මේ පින්බිම ඇසුරේ සිදු විය. රජයේ පාසලක් බවට පත් කිරීමට ද ඉල්ලීම් ඉදිරිපත් විය. සමරසිංහ මොල්ලිගොඩ රාළහාමි විසින් අක්කර 04 ක භූමි භාගයක් සුමනජෝති බෞද්ධ පාසල වෙනුවෙන් පරිත්‍යාග කලේය. දුවා දරුවන් 600 දෙනෙකු පමණ මේ කාලච්ජේදයේදී අධ්‍යාපනයට නැඹුරු වූ බවට වාර්ථා වේ. එවක් පටන් පැවතගෙන ආ විද්‍යාවර්ධන පිරිවෙන අදටත් පැවිදි සිසුන් සඳහා විවෘතව ඇත. ලෝක ප්‍රසිද්ධ උගතුන් බිහි කිරීමට මුල් වූ පුණ්‍ය භූමියේ අදටත් සුවිශේෂී වූ ආගමික හා සමාජ සේවා රැසක් සිදුකෙරේ. දීපාලෝක විහාරස්ථානය මූලික කොටගනිමින් අදටත් අනුබද්ධිත විහාරස්ථාන 08ක් පවතී. වර්ථමානයේ මෙහි විහාරාධිපතිත්වය දරන්නේ මුදුන්කොටුවේ සාන්තසිරි හිමියෝය.
වසර 127කට එහා ගිය අතීතයක් හිමි මහනුවර හා දඹදෙනි යුගයේ චිත්රසහිත බිතුසිතුවම් හා මූර්ති කලාවක් අප මහා විහාරස්ථානයේ පැරණි විහාරමන්දිරයේ දක්නට ලැබේ. එහිම පවත්නා පැරණි විෂ්ණු දේවාලයෙහි එකල ඉදිකොට ඇති විෂ්ණු දේව ප්රතිමාවෙහි ප්‍රධාන විශේෂක්වයක් වනුයේ ජීවමාන ප්‍රමානයෙන් නිමවා ඇති එම දේව රූපය හිදි ප්‍රතිමා ඝනයට අයත් වීමයි. අද ඒවා දුර්වර්ණ වෙමින් අභාවයට යමින් තිබෙන බැවින් විහාරාධිපති හිමියන් විසින් කඩිනමින් ඒවා නවීකරණයට ද අතගසා තිබීම පැසසුමට කරුණකි.
දීපාලෝක මහා විහාරය අද ප්‍රදේශයේ ප්‍රසිද්ධ මහා විහාරයකි. එහි මහා විහාරයක තිබිය යුතු සියලු අංගයන්ගෙන් සමන්විතය. ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේලා 30 නමක් නේවාසිකව තම අධයාපන කටයුතු වල නිරතව සිටී. විහාරස්ථානයේ මූලිකත්වයෙන් අරඹා ඇති ආගමික වතාවත් රැසකි. ඒ අතරින් ප්‍රධාන පෝය 12 දී පවත්වනු ලබන විශේෂ සීල භාවනා වැඩසටහන්, සෑම මසකම දෙවැනි සතියේ ආරම්භ වන භාවනා පුහුණු වැඩමුළුව, සිසුන් 1450ක් හා ගුරුවරු 38 දෙනෙකුගෙන් යුතු දහම්පාසල සීල භාවනා සමිතියේ මූලිකත්වයෙන් සිදු කෙරෙන විශේෂ පෙරහැර හා පිංකම් මාලාව, පිරිවෙන් අධ්‍යාපනය, කාලීන ධර්මදේශනා මාලා, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිත පාලනය සිහිගන්වමින් සිදු කරන “පන්සාලිස් කිරි ආහාර පූජා“ දිළිදු පවුල් සහ සිසු දරුවන් සිදු කරන ආධාර සහ ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහන්, පින්ඩපාත චාරිකා සහ ගම් මට්ටමින් සිදුකරන “චාරිකා දම්දෙසුම්“ ඒ අතරින් ප්‍රධානය. කාලානුරූපීව සැදැහැවත් බෞද්ධයන්ගේ ඉල්ලීම් වලට අනුව සිදුවන ආගමික කටයුතුද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ පවුල් ආශ්‍රිතව සිදුවන සමාජීය කටයුතු යනාදී බොහෝ දෑ දීපාලෝක මහා විහාරය ඇසුරේ සිදු කෙරෙමින් පවතී.
සැබිවින්ම මෙම පුණ්‍ය භූමිය ප්‍රදේශයට ආලෝකයකි, පහන් ටැඹකි. වචනයේ පරිසමාප්තියෙන්ම දීපයට ආලෝකයක් බව සක්සුදක් සේ පැහැදිලිය.